රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙන ගිය බව හෙළ ඉතිහාසයේ සඳහන්ය.

රාවණා රජු යළි නැගිටී.. දීර්ඝ නිද්‍රාව අවසන්..

ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ. කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක‍්‍රමවේද කෝ. බරපතළ ප‍්‍රශ්ණාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ. ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.
විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම – රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරා වෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජන සමාජයක් තිබූ බව ඉතා පැහැදිලිය.
විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හදුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ”හාරා” ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ඡ වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප‍්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳ හිට සුළි සුළං, නාය යෑම්, ගං වතුර රාවණගේ වුවමනාවට සිදු වන බවත් ඔහු පවසයි.
මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනෙකුට පුදුමය උපදවනු ඇත. සමහරු ”අපි දන්නේ මොනවාදැයි” හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැන්ඩෝට පිස්සු යැයි ද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.
ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගල දී උපන් මිරැන්ඩෝ ගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්‍යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.
ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ශාස්ත‍්‍රපති උපාධි ලබා ඇති මිරැන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙස ද, කථිකාචාර්යවරයෙක් ලෙස ද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙස ද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූවෙකි.
කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මගින් මහාචාර්ය සම්මානය ද මිරැන්ඩෝ ඔබේසේකරට පිරි නමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ඨාචාරය, පෘතුගීසි ආක‍්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත‍්‍රිකයෝ, දේව ගෝත‍්‍රිකයෝ, නාග ගෝත‍්‍රිකයෝ ආදී පොත් 54 කට වැඩි ප‍්‍රමාණයක් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහි ලා ලියමි.
හැබෑවටම රාවණ යනු කවුද?
මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් ඝෘෂිවරයෙකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති ඝෘෂිවරයාය. පුලස්ති ඝෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර හැටියට හදුන්වනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිඟාව වූයේ වර්තමාන සීගිරියයි. අද සිගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිඟාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමිනි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහූවෙකි.
ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.
කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජකම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.
කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.
විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.
දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත‍්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.
පිය රජුගේ උපදෙස් පිට කේෂිණී කුමාරිය විශ‍්‍රාවස් මුනි ගේ තාපස ශීලය බිදීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් ශීල ව‍්‍රතයක යෙදී සිටී. දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.
සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇදුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනිති) මේ සිදුවීමෙන් පසු කේෂිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.
‘ඔබ කවුද……?’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි” ඇය කියාගෙන ගියාය. මෙහි දී මුලින්ම විශ‍්‍රාවස් මුනි කේෂිණී නහවා පිරිසිදු කළ බව කියැවේ.
කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණු දිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ”කන්‍යා” යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.
විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසිදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ‍්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.
රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත‍්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුධ ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප‍්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප‍්‍රමාණයක් ලක් දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණා රජු විසින් කුවේර රජුගෙන් පැහැර ගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස් මහත් වී කුවේරට පහර දී සිගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමු වී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජ කම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත‍්‍රික හමුදාවක් රාවණට උදවු විණ.
මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත‍්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි. (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි).
ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිඟා කීපයක් තිබුණු බව කියැවේ. නුවර එළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිඟාවක්ද  තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප‍්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය. රාවණ රජු තම වහල් සේවයට එරිත‍්‍රියාව, දකුණු අප‍්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුළී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.
ආචාර්ය මිරැන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදු වූයේ කෙසේද?
රාම – රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ඡවට පත් විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ඡුාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහ කුඩු ගල කන්දේ පොළොව යට උමං මාළිඟාවකය. සිහි මුර්ඡුා වී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබූහ. එසේ පුද පූජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමි වේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත් වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප‍්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හදුනා ගත හැකිය.
මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත් වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහි මුර්ඡුාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.
රාවණ රජු දැන් දෙවි කෙනෙක් හා සම වේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරි සරයි. රාවණ රජු වෙස් වළා සැම තැන ඇවිදියි.
ගොවියෙකු ලෙස, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අගල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.
ආජන්ටිනා ජාතිකයෙකුගේ ශරීර ලක්ෂණයන්ට සමාන වේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කා කොටා ගැනීමේ ප‍්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහාය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.


රාවන රජු මිය ගියේ සමාජ රෝගයකින්.. රාවනා රජු දෙවඟනක දුෂණය කරයි.. කිවුවාට මිරැන්ඩෝට පිළිතුරු


රාවණා රජු සම්බන්ධයෙන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පසුගිය කාලයේ වරින් වර සිදුකළ
ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් රාවන සවිය ජාතික සංවිධානය විසින් ප‍්‍රතිචාර දක්වයි.
මාධ්‍ය වෙතද පිටපත් සහිතව මිරැන්ඩෝ අබේසේකර මහතා වෙත එම සංවිධානය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.
මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ මන:කල්පිත මනෝවිකාර ඉතිහාසය තුළින් කෙළෙසීමට පත්වු මහාරාවන චරිතය.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා
ඕබේසේකර ආශ්‍රමය,
තලකිරියාව,
මාදිපොළ.

හිතවත් මහත්මයාණෙනි,
උගත් බුද්ධිමත් ප්‍රවීන ලේඛකයෙකු, දාර්ශනිකයෙකු ලෙස අප සංවිධානය මෙන්ම විද්වත් සමාජය ද ඔබතුමාව හැ‍දිනගෙන ඇත. මහා රාවන යුගය තහවුරු කිරීමට ඔබතුමා අපට මහත් ශක්තියක් බව අප කලක සිතූහ. කලක පටන්  ඔබතුමා මහාරාවන රජු සම්බන්ධව ලියන කියන දෑ ගැන අප ඉතා අවධානයෙන් උවමනාවෙන් රසවින්දෙමු, අධ්‍යනය කළෙමු.එහෙත් මේ මෑත කාලයක සිට ඔබතුමා ඉදිරිපත් කරන ඇතැම් කරුණු ඉතා හාස්‍යජනක මෙන්ම මහාරාවන යුගය හෑල්ලුවකට පත්කරන බව අප සංවිධානයේ අවංක අදහසයි. අප සංවිධානය ඔබතුමා හට ගරුකළ ආදරය කළ සංවිධානයකි. මීට පෙර අප සංවිධානය නියෝජිතයන් ඔබතුමා විටන්විට ස්ථාන කිහිපයකදී හමුවී ඇත. නොයෙක් කරුණු කාරණා සාකච්ඡා කර ඇත. ලිපි හුවමාරු කරගෙන ඇත. ඔබතුමා සමග කිසිදු වෛරයක් ද්වේෂයක් හෝ වෙනයම් වූ පෞද්ගලික ප්‍රශ්නයක් අප සංවිධානයට නැත. ඒබව ඉතා වගකීමෙන් යුතුව සදහන් කරන්නෙමු. මේ ලිපිය අප ලිවීමට තීරණය කර ඇත්තේ ඔබතුමා විසින් ඉදිරිපත් කරඇති ඇතැම් කරුණු දැක තවදුරටත් ඉවසා සිටිය නොහැකි හෙයිනි. ඒ අප මහා රාවන රජුට හා හෙළ යුගයට ඇති කැමැත්ත ගෞරවය නිසාමය. පසුගිය කාලය පුරා අපගේ සිත්වේදනාවට පත් ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලැබු සමාජය නොම`ග යවන සු`M කරුණු කිහිපයක් පහතින් දක්වන්නෙමු.
  • 13 වැනි රාවන රජු සමාජ රෝගයකින් මිය යයි. (2013 අප්‍රේල් මස 28 වන දින මව්බිම පුවත්පත)
  • රාවනා දෙවගනක දුෂණය කරයි.(2012 මාර්තු මස 25 වන දින මව්බිම)
  • කතරගමින් මැණික් මතුවන්නේ රාවනා මව් ඇලයෙන් දකුණු ඇලයට හැරුණු නිසාවෙනි.(2012 මාර්තු 11 මව්බිම)
  • රාවනාගේ අන්ත:පුරය ඌව පරණගම ස්ත්‍රීපුර කන්දේ.
  • රාවනා යුද අපරාධකරුවන් පණපිටින් වළලයි. (රාවනාවත මව්බිම)
  • ලෝක විනාශය සිදුවන්නේ සිහිසුන් රාවනා නැගිටින දවසටද? (2011 සැප්තැම්බර් ඉරිදා මව්බිම)
  • වෙදවතී නම් තාපසිකාව රාවනගෙන් මිදෙනු නොහැකිව දිවනසා ගත්තේද. තම පතිවත රැකගැනීමටයි. (2012 ජනවාරි 08 වන දින මව්බිම)
  • හලාවතදී සීතා රාවනට ශාපකරයි. (2007 දෙසැම්බර් මස 02 වන දින ලක්බිම)
  • රාවනා රජු අතින් සීතා කිලිටු නොවුනේ පුලස්ති පරපුරේ රාජලාංජනය සීතාගේ ලමැදෙහි සටහන් කර තිබු බැවිනි.(2012 ජනවාරි 08 මව්බිම)
  • රාවනා රජු කෝණාගම බුදුරජාණන් වහන්සේගේකේෂධාතුන් වහන්සේලා අ`ගහරුලොවට ගෙනගොස් එහි චෛත්‍යයක් සාදයි. (2014 ජූලි 27 ලංකාදීප)
  • රාවනා රජු මේ වනවිටත් වෙස්වලාගෙන ලොවපුරා සැරිසරයි. එකම වෙනස රාවනා රජු පොලොවට අ`ගල් කිහිපයක් උඩින් ඇවිද යාමයි. (ලංකාදීප 2014-07-20)
  • රාවනගේ යුද රහස් සහ අතිවිශේෂ යුද ආයුධ මන්දෝදරී නැමැති සිය බිසව හා විභිෂණ රාමාට දෙයි. (2012 අප්‍රේල් 01 වන දින මව්බිම)
  • රාවනා රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික්ගල් හිමිවීම හා එම මැණික් ගල ලැබී මාස තුනක් ඇවෑමෙන් එම වාසනාවන්තයා මරණයට පත්වීම.
  • මේ දිනවල රටේ එකදිගට මැණික් රත්‍රං වස්තුව මහපොළොවෙන් මතුවන්නට විය. මෙය රාවනාගේ යලි නැගීටීමේ ප්‍රතිඵලයයි.(ලංකාදීප 2014-07-20)
ඉහත ඉදිරිපත් කරන ලද කරුණු ඔබතුමා පදනම් කරගෙන තිබුණේ රාවනා කතා නම් ඔබතුමා සතුව ඇතැයි කියන පුස්කොළ පොතකිනි. එහෙත් එවැනි පුස්කොළ පොතක් ඇත්දැයි යන්න අපට මහත් සැකයක් මතුව ඇත.
තවද එම පුස්කොළ පොත පිළිබදව විශ්වාසනීත්වය අද සමාජය තුළ පලුදු වී ඇත. ඕනෑම අයෙකුට තමන් සතුව මෙවැන්නක් තිබෙනවාය කියා තමන් හිතෙන හිතෙන මනෝවිකාර හුදු බොළද කතන්තර ගෙතිය හැක. එමගින් සිදුවන්නේ මහාරාවන යුගය හෑල්ලුවකට, අපහසයකට, උපහාසයකට, හාස්‍යයකට ලක්කිරීම නොවන්නේද? ඔබතුමා ඉදිරිපත් කරන ඉහත කරුණු රාවනා යුගය විධිමත්ව ගවේෂණය කරන හෙළ යුගය ක්‍රමානුකූලව ගොඩනැගීමට වෙරදරන විද්වතුන් හා ගවේෂණ කණ්ඩායම් මහත් අපහසුතාවයකට පත් කිරීමකි. සමාජයේ ඉදිරියේ විහිලුවකට ලක්කිරීමකි. අද මේ වන විට ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින්, විද්වතුන්, විශ්ව විද්‍යාල හා පාසල් ශිෂ්‍යයන් මහා රාවන යුගය නැවත කියවා බලමින් විධිමත් අධ්‍යනයකට පෙළගැසෙමින් ඇති යුගයකි. ඔබතුමා මේ සිදුකරන්නේ දැන හෝ නොදැන මහාරාවන යුගය ගොඩනැ`ගීම වෙනුවට වළදැමීමකි. එසේ නොමැතිනම් ඔබතුමාව යම්යම් මාධ්‍ය විසින් පාවිච්චි කරමින් ඇත. නැතහොත් යම් කණ්ඩායමක් ඔබතුමා කියන ඇතැම් දේ විකෘති කරමින් මහාරාවන යුගය විනාශ කිරීමට සුක්ෂම වැඩපිළිවෙළක යෙදෙනවා විය හැක. සිංහල ජාතියේ මූලාරම්භයට, හෙළ අභිමානයට, හෙළ ශිෂ්ටාචාරයට නින්දා කිරීමේ අවමන් කිරීමේ වැඩපිළිවෙලක් මේ පිටුපස තිබිය හැක. මේ පිළිබදව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට ඉදිරියේ දී මෙම කරුණු නිවැරදි කරන ලෙසත් මේ සම්බන්ධව අදහස් දක්වන්නේ නම් දෙවරක් සිතා බලන ලෙසත් අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
පාසැල් ළමුන්ගේ සිට මතුවෙමින් අවදිවෙමින් තිබෙන හෙළ යුගය ගවේෂණය පිළිබද කතිකාවත මහා රාවනාවාදය අඩපණ නොකරන ලෙස අපඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. මෙමගින් මහාරාවන යුගය මිත්‍යාවක් යන පදනමේ සිට අදහස් දක්වන ප්‍රතිප්‍රහාර එල්ල කරන කණ්ඩායම් වලට ඔබතුමා විසින් තව තවත් ආයුධ සපයා ඇත. ඇත්ත ඇති සැටියෙන් කිව යුතුය. එහෙත් අප කියන දේ ලියන දේ කුමන පදනමක සිට ද කුමන මූලාශ්‍රයක සිට ද යන්න සමාජයට ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. ස`ගවාගෙන ඇති කිසිවෙකුට මේවනතෙක් දැක නැති පුස්කොළ පොතක තිබුණායැයි කියා සමාජය ඉදිරියේ ආකර්ශනීය බොරු බේගල් ඇදබාන්න කිසිවෙකුට හෝ  සාදාචාර අයිතියක් නැත. උතුම් වූ ශ්‍රී රාවන චරිතය එක්කෙනෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ උරුමයක් හෝ පෞද්ගලික බූදලයක් නොවේ. මහා රාවන රජු හෙළයේ සළකුණයි. හෙළයේ ජීවයයි. හෙළයේ ශක්තියයි. මහා රාවන චරිතය කවරෙකු හෝ සාවද්‍ය ලෙස විනාශ කිරීමට කටයුතු කරන්නේ නම් හෙළයුගයට ආදරය කරන සැම ඊට එරෙහිව පෙරට පැමිණිය යුතුය. ඉන්දියානුවන් රාවන චරිතය විකෘති කළාට අපට ඉවසිය හැක. එහෙත් හෙළයන් වන අප අතින් පදනම් විරහිතව රාවන චරිතය හෑල්ලුවට අපහාසයට ලක්කිරීම ඉවසාගත නොහැක. මහාරාවන යුගය පිළිබ|ව නොයෙක් බාධක මැද දැඩි කැපවීමෙන් ගවේෂනය කරන අධ්‍යනය කරන ඒවගේම ප්‍රතිවිරෝධී මත දරන අය සමග උරෙන් උර ගැටෙමින් තර්ක විතර්ක කරන රාවනා පරපුරේ අවංක පිරිස් සංවිධාන අදටත් ඇත. ඔබතුමා කියන දෑ වලින් ඔවුන්ට මහත් අගෞරවයක් කර ඇත. ඇත්තෙන්ම ඔවුන්ට කරන අසාධාරණයකි. ඔවුන්ව සිත් වේදනාවකට පත් කිරීමකි. මෙතෙක් කලක් මහාරාවන රජුවෙනුවෙන් කළ කී දෑ ගගට ඉණි කැපුවා බ|qවිය හැක. කිරිකළයට ගොම එක්කලා විය හැකිය.ඔබතුමා ප්‍රකාශ කරන ඇතැම් දෑ කිසිදු හරයක් තර්කානුකූල බවත් හෝ ශාස්ත්‍රීය බවක් නැත. ඉන්දියානුවන් රාමායණය තුළින් රාවන චරිතය කෙළසන ලදි. සුදු චරිතය කලුකරන ලදි. ඔබතුමාද ඊට නොදැවෙනි ලෙස ඌනපූර්ණ සපයා ඇත.
අප සත්‍ය පිළිගැනීමට කිසිවිට මැළි නොවෙමු. එහෙත් මේ සත්‍යයද? මෙහි පදනම කුමක්ද? රාමායණය තුළින් හෙළ අසුර අධිරාජ්‍යයේ මහරජ ඕනෑවටත් වඩා පුම්බා ඉන්පසු මහා අපරාධකාරයෙක් , සල්ලාලයෙක් බවට පත්කරන ලදි. ඔබතුමා තිබෙනවාය කියන අභිරහස් අදෘශ්‍යමාන රාවන කතා පුස්කොළ ග්‍රන්ථය මගින් ද  සිදුකර ඇත්තේ රාමායණය කළ දේමය.
පසුගිය වසර කිහිපය තුළ ඔබතුමා කියු ලියු දෙය නැවත විමසිල්ලෙන් මැදහත් සිතින් හැරී බලන ලෙස අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඔබතුමා තිබෙනවායි කියන රාවනා කථාපුස්කොළ ග්‍රන්ථයේ මාධ්‍ය මගින් හෙළිදරව් කළ කරුණු ඇතුලත් එක පිටුවක් හැකිනම් සියලු මාධ්‍ය වෙත නිරාවරණය කරන ලෙස අප ඔබතුමාට අභියෝග කර සිටිමු.
නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා ආරක්ෂිතව ස`ගවා ඇතැයි ඔබතුමා නිසැකවම ප්‍රකාශ කරනු ඇත. උතුම් ශ්‍රී රාවන කිසිවෙකු අතින් මිය නොගිය බවත් එහෙත් ස්වාභාවික ආකාරයට වයසට යාමෙන් මිය ගිය එතුමන්ගේ ශ්‍රී දේහය බෙහෙත් ගැල්වූ ගල්ඔරුවක මහා වනලැහැබක ඉතා සුරක්ෂිතව ගල්ලෙනක් තුළ නිරුපද්‍රිතව මමියක් ආකාරයෙන් තිබෙන බව අප සංවිධානයේ විශ්වාසයයි. නමුත් ඔබතුමා පුනපුනා කියන සමාජය ඉදිරියේ අවධාරණය කර සිටින සමාජය නොසන්සුන් කරමින් ව්‍යාකූල කරමින් භීතියට පත්කරන සිහිසුන්ව සිටින රාවනා කෙනෙකු ගැනත් සිහිමුර්ඡාවෙන් නැගිටින රාවන කෙනෙකු ගැනත් අප තුළ කිසිදු පිළිගැනීමක් හෝ විශ්වාසයක් නැත. වම් ඇළයට හැරෙන විට හෝ දකුණු ඇලයට හැරෙන විට ස්වාභාවික විපත් ගෙනදෙන මැණික් මතුවෙන සුරංගනා කතා උගත් බුද්ධිමත් සමාජ පිළිගන්නේ නැත.
දැන්වත් සිහිඑළවා අප කියනාදේ වටහාගැනීමට උක්සූකවන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර හෙළ යුගයට ආදරය කරන මැදහත් විද්වතුන්ගේ හා සංවිධානයන්ගේ අවධානය මේ සම්බන්ධව යොමු වේවා යන්නත් උතුම් ශ්‍රී මහා රාවන බෝසත්චරිතය ඒ ශිෂ්ටසම්පන්න අද්වීතිය හෙළ ශිෂ්ටාචාරය වළදැමීමට කිසිවෙකුට ඉඩනොතබන ලෙසත් අප ඉල්ලා සිටිමු. ඕනෑම අයෙකුට ඉතිහාසයට නව අර්ථකතන දිය හැක. ඉතිහාසය සම්බන්ධව සංවාද කළ හැක. එහෙත් එමගින් ඉතිහාසය විකෘති විය නොවිය යුතුය. ජනවිඥානය අවුල්විය නොවිය යුතුය. රටක ජාතියක ඉතිහාසය යම් යම් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වෙනස්කළ නොහැක. එය සාපරාධි ක්‍රියාවකි. මහා පාපකර්මයකි. ඇතැම්විට යළි නිවැරදි කළ නොහැකි වරදකි. ඉදිරිපත්කරනු ලබන කාරණා තරකානුකූල විය යුතුය. යම් සාධක සහිත පදනමක් මූලයක් තිබිය යුතුය. අප තවදුරටත් මේ සම්බන්ධව නිහඩව නොසිටන අතර ඇත්ත ඇති සැටියෙන් සමාජගත කිරීමට අදිටන් කරගතිමු. අප පළකරන ලද අදහස් තුලින්  මේ සම්බන්ධව ඔබතුමාගේ හෝ ඔබතුමාට ආදරය කරන යමෙකුගේ සිත් රිදේ නම් ඒ සම්බන්ධව ද අපගේ කණාගාටුව පළකරන අතර ඔබතුමා මෙතේක කියු ලියු සියලු දේ අප සතුව ඇත. එබැවින් විවෘත සංවාදයකට වුව අප සුදානම්ය. මේ සියල්ල මහාරාවන රජු වෙනුවෙන්ම පමණක්ම බව අප නැවත නැවතත් අවධාරණය කර සිටිමු.
තෙරුවන් සරණයි! සිව්හෙළ දෙවි රැකවරණයි!
හිරැ සදු පවතිනා තුරු සිව්හෙළය සුරැකේවා!

මෙයට,
දුලිප් සංජය
ලේකම්
රාවන සවිය ජාතික සංවිධානය