රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙන ගිය බව හෙළ ඉතිහාසයේ සඳහන්ය.

රාවණ පැරදවූ බලි යක්ෂයෙක් ද? අසුරයෙක් ද?

    
රාවණ ඉතිහාසය ගැඹුරු මතයක් කරා පැමිණ තිබේ. රාවණ හෙළයේ මහා රජු ලෙස පිළිගන්නා කතාබහ සමාජගතවී තිබේ. මහා වංශයේ නොලිවූ, ඉතිහාසයක් හාරන අපට ප‍්‍රතිචාර බොහෝ ලැබේ. මිනිස්සු අතරට නොපැමිණි පුරාණ ග‍්‍රන්ථ ඔස්සේ සොයා යන රාවණාගේ කතාවේ අලූත් පියවරක් අද අරඹමු.


රාවණ මහා රණකාමියකු යන අදහස සමාජයේ මුල් බැස ගත්තකි. ඔහු සතුව දියුණු තාක්ෂණික ආයුධ පැවති බව රාවණ කතාවල විස්තර වේ. න්‍යෂ්ඨික ආයුධ, ප‍්‍රහාරක යානා, යක්ෂ බල සේනාංක, ඇතුළු  ඕනෑම යුද්ධයකට ගැළපෙන ශක්තිය ඔහුට තිබිණි. චීනයේ මාහෝ කුමරු පවා ලංකාපුරයට පැමිණ රාම රාවණා යුද්ධයේ දී රාවණට උදවු කරන්නට කැමතිවිණ. එහෙත් රාවණ එම සහායන් පවා ප‍්‍රතික්ෂේප කළේ තම යුද හැකියාවේ විශ්වාසය නිසාය.
රාමගේ විෂ හීයකින් රාවණ සිහි මුර්ජා වූ බව පිළිගන්නා සත්‍යයයි. මේ රාම රාවණ සටනට බද්ධ කොට රාවණ බලි නම් වානරයාට පරාජය වූ බව රාමායනයේ දැක්වේ. එමගින් රාවණ දුර්වලයකු බව පෙන්වන්නට උත්සාහ කර තිබේ.
"රාවණ පරාජය බාර ගත් පසු බලි අසුරයා ඔහුට අවවාදයක් දුන්නේය. ”රාවණ ඔබ දක්ෂයෙකි. මහා වීරයෙකි. එමෙන්ම ශක්තිවන්තයෙකි. රාක්ෂ ගෝත‍්‍රය ලොව බැබළවීමට උපන් අයෙකි. සුමාලියන් රජතුමාගේ මුණුබුරා වූ නුඹ මගේ ද ඥාතියෙකි. එබැවින් මම ඔබට අවවාද කරමි.’’"
කෙසේ වෙතත් රාවණ ”බලි” නම් අයකුට පරාජයවී තිබේ. එය ”රාවණ කතාවේ” බලි අසුරයා බව විස්තරාත්මකව සඳහන් වෙයි.
රාවණ රජතුමා තරුණ වියේ දී බලි නම් අසුරයා සමග ද්වන්ද සටනක් කොට පැරදුණු බව මෙහි කියැවේ.
පුරාණ ලක්දිව යක්ෂ, අසුර රාක්ෂ ආදී ජන කොටස් විසූ බව වේද සාහිත්‍යයේ දැක්වේ. බලි යනු මෙහි අසුර ජන වැසි ප‍්‍රධානියෙකි. බාලි ¥පත ජනාවාස කළ මුල් වැසියා බලි අසුරයා බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකරගේ අදහසයි.
ඔහු වනාහි විරෝචන නම් මහා අසුරයාගේ පුතෙකි. පුරාණ තොරතුරුවලට අනුව ”බලි” ඉතා දැහැමියෙකි. ගුණගරුකව ප‍්‍රතිපත්ති රැුකියෙකි. බලි නිතර භාවනා කොට අධ්‍යාත්මික ශක්තිය උපයා ගත්තෙකි.

ගැටවර වියේ පසුවූ රාවණ ”බලි” අසුරයා හමුවී ඔහුට ද්වන්ද සටනකට අභියෝග කළේය. රාවණගේ රණකාමී බව තවත් බොහෝදෙනකුට අභියෝගයක් වෙතැයි ”බලි” කල්පනා කළේය. එබැවින් රාවණ මෙකලම මෙල්ල කළ යුතුයැයි හෙතෙම තීරණය කළේය. ඒ හැර බලි අසුරයාට රාවණගෙන් මිදී සිය ශක්තියෙන් සටන මග හරින්නට තිබිණි.
නියමකර ගත් දිනයෙහි සටන පැවැත්විණි. රාජකීයයෝ ද සටන බලන්නට පැමිණියහ. බලි අසුර තෙම රාවණ පරපුරට නෑකමැතෙකි. ඔවූහු හේටිගේ පරපුරට අයත් වෙති. හේටිගේ යනු පැරණි යක්ෂ ගෝත‍්‍රික බ‍්‍රාහ්මණයෙකි. එම පරපුර අදත් දකුණු පළාතේ ”හේටිමුණි” නමින් වෙසෙති.
ද්වන්ද සටනේ දී රාවණ සිය ශිල්ප දක්වන්නට විය. ඒ යුද ශිල්ප දුටු බලි අසුරයා ද රාවණ අනාගත රණකාමියකු බව සක්සුදක් වන්ව තීරණය කළේය. එතරම් රණකාමී ලක්ෂණ දේහධාරී බව ශිල්ප හැකියාව මතත් ගැබ්වී තිබිණි.
රාවණ සෑහෙන උසක් අහසට පැන බලි අසුරයාට පයින් පහර දෙන්නට සැරසිණි. පහර වැළකී යද්දී බලි අසුරයා රනින් කළ දිළිසෙන ”කඩුවක්” අතට ගත්තේය.
එය බලි අසුරයා තම මන්ත‍්‍ර බලයෙන් දහස් වර ජප කළ එකකි. මහා බ‍්‍රහ්මයාගෙන් ද බලය ”කැවූ” වකි. එවැනි රන් කඩුවක් රාවණ පරපුර සතුව එතෙක් නොතිබිණි. රාවණ කායික ශක්තියෙන් ප‍්‍රහාර එල්ල කිරීම නවතා බලි අසුරයා ඉදිරියේ පසු බැස්සේය. කඩුවේ බලය රාවණ ද දකින්නට ඇත. රාවණ සටන නවතා බලි අසුරයාට වැඳ සමාව ගත්තේය. රාවණ රජ යුද්ධයේ දී එවැනි සංයමයක් හා ඉවසිල්ලක් තිබුණු අවශ්‍ය තීන්දුව නිවැරදිව ගත් රජෙකි. රාවණ තැනෙක පසු බසින්නේ බොහෝ යහපතක් වෙනුවෙනි. රාවණට වඩා බලි අසුරයා වයසින් වැඩි පුද්ගලයකු වූ අතරම මන්ත‍්‍ර බලයෙන් ද රාවණ බාලයකු විය. මෙකී වැඩි වාසි තරුණ රාවණට වඩා ”බලි” අසුර තෙම සතුවිය.
රාවණ පරාජය ගත් පසු බලි අසුරයා ඔහුට අවවාදයක් දුන්නේය. ”රාවණ ඔබ දක්ෂයෙකි. මහා වීරයෙකි. එමෙන්ම ශක්තිවන්තයෙකි. රාක්ෂ ගෝත‍්‍රය ලොව බැබළවීමට උපන් අයෙකි. සුමාලියන් රජතුමාගේ මුණුබුරා වූ නුඹ මගේ ද ඥාතියෙකි. එබැවින් මම ඔබට අවවාද කරමි.’’

”ඔබට ඥාතීන් බොහෝ සිටී. පිය පාර්ශ්වයේ ද, මව් පාර්ශ්වයේ ද ඥාති මණ්ඩලයේ යක්ෂ ගෝත‍්‍රික නෑයෝ රාශියකි. එම කිසිම කෙනකුට, කිසිම දිනයක් අපහාසයක්, නින්දාවක් වෙන කටයුතු කිරීමෙන් වළකින්න. නුඹේ නෑයන් රැකිය යුත්තේ නුඹයි. ඔබේ නෑයෙක් යම් අනතුරු ඇඟවීමක් කළොත්, පැමිණිල්ලක් කළොත් ඒවාට සවන් දෙන්න. එය විභාග කරන්න. යක්ෂ ගෝත‍්‍රිකයන් සුවිශේෂ ජන වර්ගයකි. ලෝකයේ අන්‍ය කුලවාසීහු අපට බියක් දක්වති. ඔබේ පියා රාක්ෂ ගෝත‍්‍රිකයෙකි. එනම් යක්ෂ ගෝත‍්‍රයේම උසස්වූ රදල සමාජයයි. ඔවුන්ගේ ගෞරවය රකින්න. කුල භේද නැතිව සියල්ලෝ යක්ෂ ගෝත‍්‍රිකයන් ලෙස ගෙන රකින්න. මේ ලෝකයේම උගතුන් හා ශිල්පධරයන් අතින් දක්ෂම පිරිස අපය.
මේ දිවයින රතු දිවයින ආරක්ෂා කළ යුතු උරුමක්කාරයා වන්නේ නුඹයි. ඔබ පැරදුණේ ඔබේම ඥාතියකු වෙන යක්ෂ ගෝත‍්‍රයේ රජකුටයි. සටනින් ඔබ මරණයට පත්වූයේ නැත. මා විසින් ඔබට මරණයට පත් කරනු ලැබුවේ ද නැත. එය ඔබේ භාග්‍යයකි. ද්වන්ද සටනකින් ජීවිත ආරක්ෂා වීමද වීරකමකි.’’
”එසේම රාවණ නුඹ තවම නාඹර වයස් තරුණයෙකි. හැඩිදැඩි ශක්තිවන්තයෙකි. නුඹ රූමත්ය. ඔබට ස්ත‍්‍රීන්ගේ වශීවීමක් තිබේ. එබැවින් ස්ත‍්‍රී සොඬකු නොවන්න. නුඹ රැුකෙන්න... රාවණට ජයවේවා...’’

බලි අසුරයා දුන් එම උපදෙස රාවණ විසින් අදහන ලද බව පෙනේ. එම උපදෙස සාවධානව කන්යොමා තමන් විසින් පිළිගන්න ලද බව බලි අසුරයාට පෙන්වීය.
රාවණ බලි අසුරයා සමග ඉහත ද්වන්ද සටන කළ ප‍්‍රදේශය, මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් බලකඩුව ගමයි. එබැවින් ඓතිහාසික ප‍්‍රවෘත්ති සඟවා ගත් තැනක් හැටියට බලකඩුව ග‍්‍රාමය ඉතිහාස ගතවේ.
ඊළඟට රාවණ කතාවේ සඳහන් ආකාරයට රාවණ රජතුමා පෘථිවිය පමණක් නොව ග‍්‍රහලෝක පවා ජය ගත්තෙකි. එතුමා අඟහරු ලෝකවාසීන් සමග කිට්ටු සබඳතා පැවැත්වීය. රාවණ අඟහරු ලොවට ගමන් ආරම්භ කළේ ලකේගල කඳු මුදුනේ සිට විශේෂ යානයකිනි.
රාවණ රජු අඟහරු ලොවෙහි චෛත්‍යයක් ගොඩනංවා තිබේ. එහි කෝණාගම බුදුන් වහන්සේගේ කේෂධාතු තැන්පත් කළ බව කියැවේ. කර්ම ප‍්‍රකාශ නම් යෝගිවරයාගේ උපදෙස් පිළිපදිමින් රාවණ රජු මෙම චෛත්‍යය ගොඩනංවා ඇත.
රාවණ කළ චෛත්‍ය හතරැුස් හැඩයේ එකකි. එහි කොතට ලග්ගල ප‍්‍රදේශයේ නිල් මැණිකක් පැළඳවූ බව පුරාණ පුස්කොළ පොත්වල විස්තර වේ.
රාවණ රජු විසින් කරන ලද චෛත්‍යය විවෘත කිරීමේ ”මහා උළෙලක්” අඟහරු ලොව සංවිධානයවී තිබේ. එයට රාජකීය පවුල්වල සියලූදෙනාම පාහේ සහභාගිවී ඇත. මන්දෝදරී රැජින (රාවණගේ අග මෙහෙසිය) ඊට සහභාගී නොවූ බවද සටහන්ව ඇත. ඇතැම් විට ඇය මාවනැල්ලේ භූගත මාලිගාවේ සිරකර තැබීම හෝ රාවණ සමග වූ අමනාපයක් නිසා වෙන්නට ද පුළුවන. රාවණගේ චෛත්‍ය උත්සවයේ දී ලංකාපුරේ සූර්ය ධජය අඟහරු ලොව ගුවනට එකතු කෙරිණි. යක්ෂ ගෝත‍්‍රිකයන්ගේ කුක්කුට ධජයද එසැවිණි. එසේ ගත් විට පෘථිවියේ කිසියම් රටක ධජයක් ග‍්‍රහලෝකයකට ගෙන ගොස් එසැවූ පළමු පුද්ගලයා ද රාවණය.
ඔහු ඉන් නොනැවත තවත් බොහෝ සබඳතා අඟහරු ලොව සමග පැවැත්විය. ලග්ගල හා නකල්ස් කඳුකරයේ ඇති රක්ත වර්ණ පසක් අඟහරු ලොවට ගෙන ගිය බව කියැවේ. පෙර නුදුටු ගුවන් යානා මගින් ලග්ගල රතුපස් ගෙන යාම රාමගේ මිනිස්සු හිතුවේ එය රාවණ විසින් රාමට කරන යුධමය ක‍්‍රියාමාර්ගයක පැත්තක් හැටියටය. පැරණි පොත්වල සඳහන් වෙන්නේ මෙම රතුපස ගෙන ගොස් ඇත්තේ දුර්ලභ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට බවය.
න්‍යෂ්ඨික අවි ගබඩාවක් අඟහරු ලොව පිහිටුවීම ද රාවණ ගත් තවත් ක‍්‍රියාමාර්ගයකි. රාවණට ඉතා දියුණු න්‍යෂ්ඨික අවි තිබුණ ද ඒවා තවත් බොහෝදෙනාට හානියක් වන බැවින් රාම සමග යුදයේ දී භාවිත නොකළේය. න්‍යෂ්ඨික අවි භාවිත නොකරන්නැයි රාවණ සමග එකතුව සිටි මේඝනාද කුමරුට රාවණ උපදෙස් දුන්නේය.
රාවණ ඉතිහාසයේ කළ සටන්වලින් හැමවිටම තම යක්ෂ ගෝත‍්‍රික වැසියන්ගේ ආරක්ෂාව අපේක්ෂා කළේය. තම ජනයා රැකගෙන අවම හානියක් වන පරිදි යුද්ධ වැදිය යුතු බව ඔහු කල්පනා කළේය.
රාවණගේ ශිල්ප ශක්තීන් බලා කළ ලොව මෙතෙක් රාවණ වන් අයෙක් පහළ නොවූ බව ද පහළ විය නොහැකි බව ද කල්පනා කළ යුතුය.
එවන් හෙළ රජකු ලංකා ඉතිහාසයෙන් අතුගා දැමීම කොතරම් සදාචාරාත්මක ද යන කාරණය නැවත මෙනෙහි කිරීම ද වටී.

2014 ඔක්තෝබර් මස 21 | ලංකාදීප කර්තෘ මණ්ඩලය